වසර 13කට පසුව ශ්රී ලංකාවට නැවත වරක් සිංගප්පූරු රාජ්ය නායකයෙක් පැමිණීමට නියමිතය. ඒ සිංගප්පූරු අග්රාමාත්ය ලී සෙයින් ලූන් මහතාගේ පැමිණීමත් සමගය.
ඔහු 22 දා දිවයිනට ළගාවීමට නියමිතය. ඔහු 23දා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. ජනපතිවරයාගේ ආරාධානාවක් මත අගමැතිවරයා ශ්රී ලංකාවේ නිල සංචාරයට එක්වෙන අතර ජනපතිවරයා හා පැවැත්වෙන සාකච්ඡාවලදී සිංගප්පූරුව හා ශ්රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්ස් කිරීමට නියමතිය.
ඉන් අනතුරුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා සිංගප්පූරු අග්රාමාත්යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙයි. ඔහු නැවතත් 24 දා දිවයිනෙන් නික්ම යෑමට නියමිතය.
.