වසර 12,000ක එහා ප්රාග් ඓතිහාසික රහස් මතු වූ වවුනියාවේ සැඟවුණු ගම්මානයක්
වවුනියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉතා දුෂ්කර ගම්මානයක් වන කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ වසර 12,000කට එහා ජීවත් වූ මානවයාගේ බවට අනුමාන කෙරෙන වැදගත් සාක්ෂි රැසක් හමුව ඇති බවට අනුරාධපුර ශ්‍රීලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව විෂය භාර කථිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියෝ කියා සිටියහ.
පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන් මේ බව කියා සිටියේ පසුගිය දිනවල කොන්ග්‍රාම්කුලම් ගම්මානයේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කැණීම් අංශයේ හිමිවරුන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ කැණීමකින් පසුවය.
අදාළ කැණීම් සිදුකළ කොන්ග්‍රාම්කුලම් ගම්මානයේ කැණීම් අවසානයේදී ඉතා පැරණි සෙල්ලිපි 07 ක්, චෛත්‍ය,ප්‍රතිමාඝර,බෝධි මණ්ඩප මෙන්ම බුදුපිළිම වහන්සේලාගේ නටබුන් රැසක් දැකගැනීමට හැකිය.
එහි එක් සෙල්ලිපියක සඳහන් වන්නේ ‘බත ගිරි තිසහ ලෙනේ’ යනුවෙනි. එයින් සඳහන් වන්නේ ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන වශයෙන් බව කැණීම් සිදුකළ හිමිවරු කියා සිටියහ.
වසර දහස් ගණනක් පුරාවට මේ වනතුරුත් කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවූ මෙම ස්ථානය උතුරු පළාතේ ප්රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාසයක වැදගත් තොරතුරු රැසක් පිළිබඳ තොරතුරු සොයාගත් විශේෂම කැණීම වන බවට පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමියෝ කියා සිටියහ.
එමෙන්ම මෙම කැණීම්වලින් වසර 12,000කට එහා සිටි බවට සැකකෙරෙන මානවයෙකුගේ යැයි සැලකෙනමානව අස්ථි දෙකක්, එදා මානවයා භාවිත කළ බවට සැකකෙරෙන සත්ත්ව අස්ථි ආයුධ, ගල් ආයුධ, යකඩ යුගයට පෙර භාවිතා කළ කහඳ වැනි දේ සම්බන්ධයෙන් නියම කාලනිර්ණයක් ලබාගෙන දෙසැම්බර් මස වනවිට අවසන් වාර්ථාතාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද උන්වහනන්සේ කීහ.
කෙසේ වෙතත් මේ වනවිටත් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දෑ සියල්ල නිදන් සොරුන් විසින් විනාශ කොට ඇති බව දැකගත හැකි අතර, එහිදී විශාල කිරිගරුඬ බුදු පිළිමයක්ද විනාශ කොට ඇති අයුරුද දැකගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










