ගත වූ වසර 08 තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ වනඅලින් 78 දෙනෙකු මිනිසුන් විසින් ඝාතනය කර ඇති බවත් මිනිස් ජීවිත 70ක් වනඅලින්ගේ ග්රහනයට ලක්ව ඇති බවත් මඩකලපුව දිසා ලේකම්වරයා පෙන්වාදී තිබේ.
ලේකම්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) මඩකලපුව දිසා ලේකම් කාර්යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
ඒ අනුව 2010 වසරේ සිට 2017 වසර දක්වා මඩකලපුව දිස්ත්‍රික්කය තුළ අලි - මිනිස් ගැටුම හේතුවෙන් වනඅලින්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිව ඇති බවත් එය වැළැක්වීමට විසඳුම් සෙවිය යුතු බවත් එහිදී සාකච්ඡා වී තිබේ.
එම සම්මන්ත්‍රණය සඳහා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ජවුෆර් ඛාන්