ශ්‍රී ලංකාවට පැරණි වාහන ගෙන්වීමේදී ආනයන අපනයන පාලනයේ විශේෂ අවසරයක් ගත යුතු වුවත්, මේ වනවිට මෙම නීතිය නොසලකා හරිමින් පැරණි වාහන ගෙන්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
වසර 03කට වඩා පැරණි කාර් රථ සහ වසර 05කට වඩා පැරණි වෑන් රථ ගෙන්වීමේදී ආනයන අපනයන පාලනයේ විශේෂ අවසරයක් ගත යුතු බවට නීතියක් පැවතිණි.
මේ ආකාරයට ආනයන අපනයන පාලනයේ විශේෂ අවසරයක් නොමැතිව පැරණි වාහන මෙරටට ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අවසර ලබාදෙන බවත්, මෙලෙස ලබාදෙන අවසර පත්‍රයක් රුපියල් ලක්ෂ 09 ත්, 10ත් අතර මුදලකට විකුණා දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ඉදිරි ඡන්දයකදී උදව් ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට මෙම අවස්ථාව උදාකර තිබෙන බැවින් එය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවද පවසා සිටියේය.
දැනට ලැබෙන තොරතුරුවලට අනුව එක් ව්‍යාපාරිකයෙකු පමණක් මුදල් අමාත්‍යාංශය හරහා බලපත්‍ර 50ක් ලබාගෙන තිබෙන බවත්, මෙය ජාවාරමක් ලෙස දිගටම ක්‍රියාත්මක බවත් හෙතෙම සඳහන් කළේය.