දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්රීවසන්ත සමරසිංහ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
එසේම විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිඳු පියවරක් ගෙන නැති බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කෙසේ වෙතත් හිටපු සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතිකවඉංජිනේරු ප්‍රජාවගේ පමණක් වැටුප් වැඩිකර ගැනීමට වැඩපිළිවෙළක් අභ්‍යන්තරව ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර තමන් වෙත වාර්තා වී තිඛෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යටතේ ජවිපෙ ක්‍රියාකාරීන් තමන්ගේ සියලු අවශ්‍යතා ඉටුකර ගනිමින් නිද්‍රාශීලීව පසුවීම සම්බන්ධයෙන් පුදුමයට පත් නොවන බවත්, තමන් විදුලිබල ඇමතිවරයාව සිටි සමයේදී ජවිපෙ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමීප අත්දැකීම් පවතින බවත් ඇමති චම්පික රණවක මහතා පෙන්වා දෙයි.