අනුරාධපුර සමාජ ශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (27දා) අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා හා පොලීසිය විසින් රඳවාගෙන් ප්රශ්න කරනු ලැබූ සැකකරුවන් දෙදෙනා එළැඹෙන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් යුමේෂ් ශානක කළංසූරිය මහතා අද (28ද) නියෝග කළේය.