කරාතේ ශූරයෙකු මෙන්ම සමාජ ශාලා හිමිකරුවෙකු වූ අනුරාධපුර වසන්ත සොයිසා ඝාතන සිද්ධියට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 32 දෙදෙනා අතුරින් අට දෙනෙකුට මිනීමැරුම් චෝදනා ගොනු කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි නොමැති බව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජේ.එච්.එම්. ජයපද්ම මහතා අද (08දා) අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත්වරයාට දැන්විය.
එහිදී අදාළ සැකකරුවන් තිස් දෙදෙනා තවදුරටත් පෙබරවාරි මස (19) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කළේය.