වස විස නැති රටක් ප්‍රදර්ශනයේ සමාරම්භක දිනය වු ඊයේ(06) දිනයේදී ලක්ෂ තුනක පමණ ජනතාවක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති බව අද(07) අනාවරණය විය. එමෙන්ම ප්‍රදර්ශනය තුළ අලෙවිකිරීමට ගෙන ආ වස විසෙන් තොර සියලු ද්‍රව්‍ය ඊයේ දිනයේදීම අලෙවි වී ඇති බවත් වෙළෙදුන්ට නැවත ඒවාගෙනඒමට සිදුවු බවත් කෘෂීකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම වස විස නැති රටක් ප්‍රදර්ශනය ඉදිරියේදී පළාත් මට්ටමින්ද පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.