වස විස නැති රටක් වෙත පියනැගීමේ ජාතික වැඩපිළිවෙල එළිදැක්වීම හෙට(07) දිනයේ දී සිදුකිරීමට නියමිතයි. ඒ, කොළඹ බණ්ඩාරනායක අනුශ්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදීයි. මෙම සැලැස්ම අනුව වසර තුනක් ඇතුළත කෘෂිරසායනිකයන්ගෙන් ඈත්වීමද අන්තර්ගතය.
වස විස නැති රටක් කෘෂිකර්ම, අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනය අද (06) ආරම්භ වු අතර කෘතිම රසායනිකවලින් තොර ගොවිතැන ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙහි අපේක්ෂාව වේ. අද ආරම්භ වු ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා දෙදිනද පැවැත්වෙන අතර ඊට ප්‍රදර්ශන කුටි 200 කට අධික සංඛ්‍යාවක් අන්තර්ගතය.