මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම වවුනියාව, ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමු වැනි හරස්වීදියේ නිවසක සිටියදී හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
පැහැර ගැනීමට ලක්වූයේ වෂුධරන් වානීෂන් නමැති මාස 08ක දරුවෙකි.
අලුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් තමන් ඇතුළු පවුලේ පිරිස බියගන්වා දරුවා පැහැරගෙන ගිය බවත් දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර ඔහු හා තමන් අතර කලක සිට ආරවුලක් හටගෙන ඇති බවත් ඒ හේතුවෙන් ඔහු කණ්ඩායමක් යොදව දරුවා පැහැර ගත්තාදැයි සැකයක් ඇති බවත් දරුවාගේ මව පොලීසියට පවසා තිබේ.
පැහැර ගැනීමට ලක් වූ දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ දියත් කර ඇති බව පොසලීසිය සඳහන් කරයි.