වවුනියාව ශාන්ත සෝලෙ ගෙවත්තක තිබී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන්නට ඇති බව සැකකෙරෙන එස්.එෆ්.ටී 87 වර්ගයේ ජීව අත්බෝම්බයක් ඊයේ (23) සොයාගත් බව වවුනියාව පොලීසිය පවසයි.
අදාළ ගෙවත්තේ නිවැසියන් විසින් වගාකිරීමට භූමිය සකස් කරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය හමුවීමෙන් පසුව වවුනියාව පොලීසියට දැනුම් දී තිබේ.
පොලීසිය විසින් අදාළ ස්ථානයට පැමිණීමෙන් පසුව අත් බෝම්බය රැගෙන ගොස් ඇති අතර කිසියම් අයෙකු අත්බෝම්බය ගෙන දැමුවේද යන්න පිළිබඳව වවුනියාව අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
සොයාගන්නා ලද අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් ගෙන නිෂ්ක්රීය කිරීමට පියවර ගෙන තිබේ.