වුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක මහතා හා සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අද (07දා ) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවතත් 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් වි.රාමකමලන් මහතා නියෝග කරනු ලැබීය.
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු පසුගිය 30 වනදා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන් වරද පිළිගැනීම නිසාවෙන් ඔවුන්ට දඩ නියම වූ අතර නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක මහතා සහ ප්‍රධාන පොලිස් පරික්ෂක සූජීව ප්‍රියදර්ශන යන අය වරද නොපිළිගැනීම නිසාවෙන් ඔවුන් 07 දා දක්වා බන්ධනාගාරගත කෙරුණි.