නීතිවිරෝධීව වල්ලපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රීලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ (21 දා) සවස රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කුරුණෑගල, නාරංගොඩ ප්‍රදේශයෙහි පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එදින සවස 6.35 ට පමණ ඉන්දියාව බලා පිටත්ව යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ගමන් කිරීමට පැමිණ සිටියදී සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබූ මෙම වල්ලපට්ටා තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට පත් වල්ලා පට්ටා තොගයේ බර කිලෝ ග්‍රෑම් 26 කට ආසන්න බවත්,එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් පමණ වන බවත් රේගුව පවසයි.
නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සී.වීරසේකර මහතා විසින් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වා මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කරනු ලැබ ඇත.
අත්අඩංගුවට පත් සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.