ප්‍රථම වරට වල්ගයක් නොමැති වල්ගා තරුවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සෞරා ග්‍රහ මණ්ඩලයෙ ඇතිවීම හා පරිණාමය සම්බන්ධයෙන් මෙතෙක් සොයා නොගැනුණු තොරතුරු රැසක් මැන්ක්ස් යනුවෙන් නම් කළ මෙම වල්ගයක් නොමැති වල්ගා තරුව හරහා සොයා ගැනීමට හැකිවනු ඇති බවද තාරකා විද්‍යාඥයෝ පවසති.
වල්ගයක් නොමැතිව උපදින බළල් පැටවුන් මැන්ක්ස් යනුවෙන් හැඳින්වීම අදාළ වල්ගා තරුවට එම නම ලැබීමට හේතුව බවද කියැවෙයි.
සාමාන්‍යයෙන් පෘථිවියට ආසන්න ග්‍රහ ලෝකවල දැකිය හැකි පාෂාණවලින් මෙම වල්ගා තරුව සැකසී ඇති බවත්, මේ ආකාරයේ තවත් වල්ගා තරු පවතින්නේද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් තාරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.