පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය බලාපොරොත්තු වෙයි.
හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් 'නේවි සම්පත්' නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වෘවිත වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.
ඒ අනුව පහත ඡයාරූපයේ සිටින මෙම පුද්ගලයා සම්බන්ධ තොරතුරු වෙතොත් 011-2422176 (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය), 0112 2320141 – 145 (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) හෝ 011-2 393621 (සමූහ මංකොල්ල අංශය) යන දුරකථන අංක වෙත දැනුම් දෙන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.