අධිකරණ වරෙන්තු මත සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් සමග ගඩලාදෙණිය ප්රදේශයට ගිය මහනුවර පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊය(13දා) වරෙන්තුකරු සමග පොරබැදීමකින් පසු බිම ඇදවැටී ජීවිතක්ෂවයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂායට පත්ව ඇත්තේල එච්.බී. කුලසේකර (58) නමැති දෙදරු පියෙකි. වරෙන්තුකරු පොලිස් ග්රහණයෙන් පලායෑමට උත්සාහ දරා ඇති අතර, ඒ අවස්ථාවේදී මරණයට පත් උපපොලිස් නිලධාරීවරයා වරෙන්තුකරු සමග පොරබැදීමේදී බිමඇද වැටී තිබේ.
අනතුරුව සෙසු පොලිස් නිලධාරීන් උපපොලිස් පරීක්ෂකවරයාව පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂ යට පත්ව ඇත. පලාගිය වරෙන්තුකරු සොයා මහනුවර පොලීසිය පුළුල් මෙහෙයුමක් දියත්කර තිබේ.