හම්බන්තොට වරයා රැකියාවට නොඑන සේවකයන් සඳහා ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවෙන බවත් රැකියාවට නොඑන සේවකයන් වෙනුවට නව පිරිස් හම්බන්තොට ප්‍රදේශයෙන්ම බඳවා ගැනීමට කටයුතු කරන බවත් වරයා හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.
වරායේ වැඩවර්ජනය සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවත් පසුගිය කාලයේදී කලුතරින් දේශපාලනය කළ පිරිසක් හා නිල් බළකායේ අයත් කිහිප දෙනෙකු මේ අතර සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අද (13දා) අමාත්‍යාංශය නිකුත් කළ ප්රවෘත්තී නිවේදනයක් මේ බව සඳහන් වෙයි.
හම්බන්තොටට අනියුක්ත කර ඇති සේවකයන් බඳවාගෙන ඇත්තේ පෞද්ගලික සමාගමකට බවත් ඔවුන්ව වරාය අධිකාරියට බඳවා ගැනීමට සුදුසුකම් පවා නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.