අයවැය මගින් රථවාහන බදු ඉහළ දැමීම නිසා දැනට ලංකාවට ගෙන්වා වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි සියලුම රථවාහන නිදහස් කරගැනීමට බදු සහනයක් ලබාදීමට අද (06දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබේ.
මීට අමතරව මාසයකට අධික කාලයක් වාහන නිදහස් කරගැනීමට කටයුතු නොකිරීම නිසා වාහන ගෙන්වූ පුද්ගලයන්ට වරාය අධිකාරියට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන හෙයින් ප්‍රමාද ගාස්තුවලින් නිදහස් කිරීමටද, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.