හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධ වන බවත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් ගැටලුවකට පත්වන එහි සේවකයන්ට ස්ථිර පත්වීම් දීමට රජය කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
හම්බන්තොට වරායේ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා වරායේ සංචාරය කිරීමෙන් අනතුරුව අද කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“හම්බන්තොට වරාය මෙන්ම රාජ්ය ආයතන පෞද්ගලීකරණයට අපි විරුද්ධයි. ඒ වගේම වරායේ දැනට සේවය කරන සේවකයන් 185 දෙනාට වරාය අධිකාරියේ ස්ථිර පත්වීම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්න ඕන.
වරාය පෞද්ගලීකරණය කිරීමෙන් රජයට ලැබෙන මුදල් කොහේටද යන්නේ කියන කරුණත් ගැටලුවක්. කියන්නේ වරායේ ණය ගෙවන්න කියලා.
නමුත් අපිට ලැබී තිබෙන තොරතුරුවලින් කියැවෙන්නේ මේ කිසිම මුදලක් වරායේ ණය ගෙවන්න වෙන් කරන්නේ නෑ. මේ සල්ලිවලට මොකද වෙන්නේ කියලා අපි දැනගත යුතුයි.” යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.