කොළඹ වරාය නගරය ඉදිකිරීමේදී ශ්‍රී ලංකාව සහ චීන රජය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ සඳහන් ශ්‍රී ලංකාවේ සෛවරීභාවයට අහිතකර කොන්දෙසි ඉවත් කිරීමට කටයුතු නොකළහොත් ළඟදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම ගිවිසුම අහෝසි කිරීමට කටයුතු කරන බව සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරය සඳහන් කළේය.
එහි මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවි ජයවර්ධන මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් බිම් ප්‍ර‘දේශයක් ගොඩකර එය වෙනම රටක් ලෙස පවත්වාගෙන යාමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. එම භූමිභාගයට යාමට ශ්‍රී ලාංකීකයන්ට වීසා ලබාගැනීමට සිදුවනු ඇති බවත්, ඒ මගින් ඒකීය රාජ්‍ය සංකල්පය බිඳවැටෙන බවත් ජයවර්ධන මහතා පෙන්වා දෙයි.
“මෙම ගිවිසුමේ සඳහන් වෙනවා අලුත් නගරයේ කොටසක් චීන රජයට අයත් වෙන බව. ඒකීය රාජ්‍යය කියන සංකල්පය කළ භූමිභාගය හා මුහුදු සීමාව වෙනත් රටකට අයත්වීමක් මේ මගින් සිදුවෙනවා. වහාම මෙම ගිවිසුම අහෝසි කරන්න කියා අපි ආණ්ඩුවට කියනවා. මෙම ආණ්ඩුව පත්කරගැනීමට මුල්වුණු අප සංවිධානය මෙවැනි දේවල් බලාපොරොත්තු වුණේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන ලෙසත්, වහාම මෙම ගිවිසුම අහෝසිකරන ලෙසත් කියනවා. එසේ නොවුණහොත් අපි අනිවාර්යයෙන්ම ගිවිසුම අහෝසි කරවාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා* යැයි ඔහු කීය.