ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘතියක් ලෙස මූල්‍ය නගරය ආරම්භ කරන බවත් එය ශ්‍රී ලංකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී ආරම්භ කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
යෝජිත මුල්‍ය නගරය සඳහා මූලික ක්‍රියාකාරකම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආරම්භ කිරීම, මූල්‍ය නගරය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය නීතිමය සේවාවන් ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අද(10දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවට එක්වෙමිනි.
ඉන්දියානු . දකුණු ආසියානු හා මැද පෙරදිග කලාපයන්ගෙන් මෙන්ම එංගලන්තය ඇතුළු යුරෝපා රටවලින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීම ද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වන බවත් අප කලාපය සඳහා තරගකාරී හා නවීන මූල්‍යමය සේවා සපයන කේනද්‍රස්ථානයක් බවට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව වෙත විශාල වශයෙන් විදේශ ප්රාග්ධනය ගලා එන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශකළේය.