කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගොඩකිරීම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා තවත් වැලි කියුබික් මීටර් මිලියන 40ක් අවශ්‍ය වී තිබේ.
දැනට එම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියේ පවතින වැලි ප්‍රමාණය අවසන් වෙමින් තිබේ.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වැලි ප්‍රමාණය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යයන් සඳහා වෙන්ව ඇති මුහුදු වැලි නිධියෙන් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අනුව ඊට අවශ්‍ය වැලි නොමිලේ සැපයීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි.
එහෙත් වැලි සැපයීමේදී දැරීමට සිදු වන පරිපාලන පිරිවැය හා අනෙකුත් වියදම් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එකවර අය කරගැනීමට රජයේ අවධානය යොමුව ඇත.