ශ්‍රී ලංකාවේ වරායන් ලබා ගැනීමට විදේශීය සමාගම් බලා සිටින බව වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද(01දා) පැවසීය.
වත්මන් ජනාධිපතිවරයා සිටිනතුරු එයට ඉඩ නොතබන බවත්,ආසියාවේ හොඳම වරායන් බවට ලංකාවේ වරායන් පත්කරන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේය.
හම්බන්තොට වරායට විදේශීය සමාගම් ඇහැ ගහගෙන සිටින බව කී මුතුහෙට්ටිගම මහතා එම වරායේ දෙවැනි අදියරේ කටයුතු අවසන් කර යන්ත්‍ර සවිකිරීමට පමණක් ඉතිරිව තිබෙන බවත්,එහි කටයුතුවලට ඇඟිලි ගැසීමට විදේශිය සමාගම්වලටඉඩ නොදෙන බවත් පවසා සිටියේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව කීය.වරාය අධිකාරිය පරිශ්‍රයේ මෙම උත්සවය පැවැත්විණි.