ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී නලීන් අපොන්සුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ පෙත්සම විභාග කිරීමට අධිකරණ අද(23 දා) අවසරය ලබා දුන්නේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා, වරාය අධිකාරිය සහ වරාය අධිකාරියේ සභාපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.