හම්බන්තොට වරායේ ආරක්ෂාව නාවික හමුදාවට බාරදෙන බවත් ඒ සඳහා වරාය තුළ නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (15දා) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය. එසේම මත්තල ගුවන් තොටුපොළේ ආරක්ෂාව ගුවන් හමුදාවට බාර කිරීමට රජය තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.