මේ වසර තුළදී වර්ෂාපතනය ලැබීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු බවත්, ජනවාරි මාසයේදී හා පෙබරවාරි මාසයේදීත් සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා යම් ජල හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
ජනවාරි සහ පෙබරවාරි මාසවල විශාල වර්ෂාපතනයක් ඇති නොවන බැවින් බලාපොරොත්තු වූ වර්ෂා තත්ත්වය අඩුවීම නිසා උතුරුමැද පළාතේ ජල මූලාශ්රවල ජල මට්ටම පහත වැටී ඇති බවද පවසා සිටියේය.
එහෙත් මෙම ජල හිඟකම නියඟයක් ලෙස අර්ථගැන්විය නොහැකි බවත්, නියඟයක් ලෙස සාමාන්‍ය‘යෙන් අර්ථගන්වන්නේ කෘෂිකාර්මික කටයුතුවලට ජලය නොමැතිවීම හා ගංගාවල ජලමට්ටම පහත වැටීම යන කාරණා මත බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේය.