බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වර්ධා සුළි කුණාටුව හෙට දිනයේදී ඉන්දියාවේ චෙන්නාය ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළත් වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 200-300 දක්වා වන මුහුදු ප්‍ර දේශයේ තුළ පැයට කිලෝමීටර් 100 ඉක්මවූ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි.
ඉතා රළු මුහුදු ප්‍ර දේශත්, ඉතා තද වැසි බලාපොරොත්තුවිය හැකි බැවින් උතුර හා ඊසාන දිග ගැඹුරු හා නොගැඹුරු මුහුදේ ධීවර කටයුතු ඉතා අවධානම් බවද මුහුදු යෑමෙන් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි.