බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති 'වර්ධා' සුළි කුණාටුව උතුරු තමිල්නාඩුවට ඇතුළු වීමත් සමග මෙරට මුහුදු තීරවල සුළඟේ වේගය ඉහළ ගොස් පළාත් 06කට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙංගාල බොක්ක ප්‍ර‘දේශයේ පැවැති සුළි කුණාටුව ඊයේ (12දා) රාත්‍රි‘යේ උතුරු තමිල්නාඩු ප්‍ර‘දේශයෙන් එරට ගොඩබිමට ඇතුළු වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
සුළි කුණාටුව උතුරු තමිල්නාඩු ප්‍ර‘දේශයට ඇතුළු වී තිබෙන නිසා අද (13දා) දිනයේදී මන්නාරම් බොක්ක හා යාපනය අර්ධද්වීපයේ මුහුදු රළ ඉහළ යාමට හැකි බවද ජයසේකර මහතත්මිය පවසා සිටියාය.
මීට අමතරව මන්නාරම, කන්කසන්තුරේ ත්‍රිකුණාමලය, මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් 80ක් දක්වා ඉහළ යාහැකි බවත්, කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට මුහුදු ප්‍ර‘දේශවලට සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා ඉහළ යාහැකි බවද සචින්තා ජයසේකර මහත්මිය පවසා සිටියාය. මීට අමතරව සෙසු මුහුදු ප්‍ර‘දේශවලටත් විටින් විට වර්ෂා තත්ත්වයන් ඇතිවිය හැකි බවද සඳහන් කළාය.
මීට අමතරව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම දකුණු හා ඌව පළාත්වල හා මඩකලපුව දිස්ත්‍රික්කයට වැසි ඇතිවිය හැකි බවද ඒ මහත්මිය පවසා සිටියාය.