වර්ජනයේ යෙදුනු දින දෙක වැටුප් සහිත නිවාඩු දින ලෙස සේවකයන්ට ලබාදීමට පාලන අධිකාරියට උපදෙස් ලබාදුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
වර්ජිත සේවකයින් පවසන පරිදි රජය සමගවත්, අමාත්‍යාංශය සමගවත් ඇමතිවරයා ලෙස තමා සමගවත් ගැටළුවක් නොමැති බව ඔවුන් පවසා ඇතැයිද අමාත්‍යවරයා පවසයි. එය ආයතනික වශයෙන් අභ්‍යන්තරව පවතින ගැටළුවක් බැවින් රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය, විසන්ධි වීමකින් තොරව ලබාදීම සදහා සියළු සේවකයන්ට හෙට (18දා) දිනයේ සේවයට වාර්තාකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම ප්‍රශ්න විසදා ගැනීමට සාකච්ජා තවමත් විවෘතව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.