ඉල්ලීම් 06ක් මුල්කරගනිමින් පෙබරවාරි 28 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා කාලය තුළ වැඩ වර්ජනයේ නිරත වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මාර්තු මාසයේ වැටුප හා අප්‍රේල් මාසයේ වැටුප මෙතෙක් ලබා දී නැතැයි අනධ්‍යයන සේවකයෝ සඳහන් කරති.
මීට අමතරව රාජ්‍ය සේවකයන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල පවා තමන්ට අහිමි කර තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.
අලුත් අවුරුදු සමය නිසා අප්‍රේල් 25 වැනි දිනට ලබාදෙන වැටුප අප්‍රේල් 10 වැනිදා වනවිට ලබාදීම සිදුකරන බවද එම පිරිස් පෙන්වා දෙති.
ඉල්ලීම් ඉටු කිරීමට විෂයභාර අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇතුළු බලධාරීන් කටයුතු කළ නිසා අදාළ වැඩ වර්ජනය 12 වැනිදා නවතා දැමීමට වෘත්තීය සමිති කටයුතු කළේය.වර්ජනයේ නිතරව සිටි සියලුම දෙනා අප්‍රේල් 17 වැනිදා සේවයට වාර්තා කර තිබේ.