දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින සුළුතර පිරිසකගේ අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, වැඩවර්ජනයට ප්‍රජාතන්ත්‍රවාදීව මුහුණදෙන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
දිනකට සාමාන්‍ය වැසියන් නව දෙනකු පමණ රිය අනතුරු හේතුවෙන් මිය යන බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ එය වැළැක්වීම සඳහා නීතිරීති දැඩිකළ විට ඊට එරෙහිව වර්ජන ක්‍රියාත්මක කිරීම එම වැරැදි කිරීමට අවසර ඉල්ලා සිටීමක් හා සමාන බව බවයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ කොළඹ වොක්ෂෝල් පටුමගේ ඉදිකෙරෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
විශේෂ රථ වාහන වැරැදි කිහිපයක් සඳහා වන දඩ මුදල රු.25,000/- දක්වා ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඇතැම් බස් සංගම් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ රජයේ ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.