පෞද්ගලික බස් හිමියන් විසින් ආරම්භ කර ඇති බස් වර්ජනය හෙට දිනයේදීත් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අද (02දා) සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ වර්ජනයෙන් ඉවත්ව සාකච්ඡාවට එන බවයි.
මුදල් අමාත්‍යව රවි කරුණානායක මහතා පවසන්නේ නිතිය ක්‍රියාත්මක කරන බවත් වර්ජනයෙන් ඉවත් නොවන්නේ නම් අලුත් බලපත්‍ර ලබාදෙන බවයි. එසේම නීති හතක් සම්බන්ධයෙන් පැනවූ රු 25000ක දඩය අවශ්‍යනම් එක් වරදක් සම්බන්ධයෙන් වෙනස් කළ හැකි බවයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද රජයට යෝජනා කළේ නව බස්රථ හිමියන්ට බලපත්‍ර ලබාදිමට කරයුතු කරන බවයි