අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවලින් සියලුම ප්රශ්නවලට විසඳුම් නොලැබුණු බවත්, එහෙත් ලැබුණ ඉල්ලීම් දෙකක් සලකා බලා තාවකාලිකව වෘත්තීය ක්රියාමාර්ග නතර කළ බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
කපා දැමූ බෝනස් මුදල ලබාදීමට පොරොන්දු වුවද වරාය පෞද්ගලිකකරණය කිරීමට ගත් තීරණය හෝ ලදුහෙට්ටි වාර්තාව ක්රියාත්මක කිරීමට හෝ ජයබහලු පර්යන්ත දිරිදීමනා ගැටලුවට විසඳුම් නොලැබුණ බවත්, ඉදිරියේදී මෙම ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු ප්රසන්න කළුතරගේ මහතා පැවසීය.
මෙම ගැටලුවට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී මෙම වෘත්තීය ක්රියාමාර්ගය යළි දියත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.