දුම්රිය වර්ජනය තවදුරටත් පැවතියහොත් අනිද්දා (13දා) යාපනය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ උලෙළට සමගාමීව ධාවනය කරන විශේෂ දුම්රිය ධාවනය කිරීමට නොහැකි වන බවත්, ඒ වෙනුවෙන් ගතහැකි ක්රියාමාර්ග කවරේද යන්න සාකච්ඡා කිරීමට දුම්රිය බලධාරීන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භකර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් ‘අද’ ට පැවසීය.