වැටුප් වර්ධනය කරගැනීමට අදාළව ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්රිය මහතා ප්රකාශ කර තිබේ.
ආණ්ඩුව එකඟ වූ පරිදි වැටුප් වැඩි නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා වර්ජනයක් දියත් කිරීමට කලින් තීරණය කර තිබූනද ආණ්ඩුව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය වෙනස් කළ බව හෙතෙම වැඩිදුරටත් ප්රකාශකර ඇත.