මුදලට කොටින්ට ඔත්තු සැපයීමේ චෝදනාවට වරද පිළිගත් ආබාධිත යුද හමුදා සෙබළෙකුට ලිහිල් වැඩ සහිත වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය නියම කළාය.
යුධ හමුදාවෙන් නිකුත් කොට තිබූ හැඳුනුම්පත පාවිච්චි කරමින් කොළඹ හා තදාසන්න ප්රදේශ වල සහාසික ක්රියා ඇතිකරලීම සඳහා මුදලට කොටි ත්රස්තවාදීන්ට ඔත්තු සැපයූ බවට වරද පිළිගත් ඒ.එම්. සමන්ත නමැති ආබාධිත යුද සෙබළෙකුට මෙලෙස දඬුවම් නියම කෙරිණි.
ත්රස්තවාදීන්ගේ නඩු විමසීම සඳහා රජය මෑතකදී විශ්රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මියගේ ප්රධානත්වයෙන් පත්කරන ලද විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව විමසන ලදී.
විත්තිකාර ආබාධිත යුද හමුදා සෙබළා කොටි ත්රස්තවාදීන් සමග සබඳතා පවත්වමින් ඔවුන්ට ඔත්තු සපයා ඇති බවත්, කොටි ත්රස්තවාදීන් ඒ වෙනුවෙන් ඔහුට මුදල් ලබා දී ඇති බවත් ත්රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද පරීක්ෂණ වලදී හෙළි කරගෙන ඇත.