අංක තහඩු, චැසි අංක හෝ එන්ජින් අංක නැති නව ඩිෆෙන්ඩර් රථයක් සොයාගැනීමට වරකාපොළ පොලීසිය ඊයේ (22දා) සමත්වී තිබේ.
වරකාපොළ පොලීසියට ලැබුණ නිර්නාමික දුරකතන ඇමතුමක් මගින් කරනු ලැබූ පරීක්ෂණයක් ඔස්සේ ඩිෆෙන්ඩරය සොයාගෙන තිබෙන අතර එය වරකාපොළ පොලීසියට රැගෙන විත් තිබේ.
වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වරකාපොළ රංගන රුවන්