වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් නිලධාරිනිය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂමව කරගෙන ගිය මහා පරිමාණ විශ්‍රාම වැටුප් වංචාවක් හසුකර ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ.
ඇය විසින් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපට අදාළව හිඟ විශ්‍රාම වැටුප් ඇති බවට ව්‍යාජ ලිපි ගොනු සකසා එම හිඟ විශ්‍රාම වැටුප ඇතුළු විශ්‍රාම වැටුප තමන්ගේ සහ තමන්ගේ ඥාතීන්ගේ ගිණුම්වලට බැර කර ගෙන තිබේ.