වරකාපොළ ඇත්නාවලින් හමුවූ මළ සිරුරට අදාළ ඝාතනයේ තොරතුරු හෙළි කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඊයේ සවස මෙම ඝාතනය සිදුව තිබුණි. මිය ගිය තරුණයා කටුගස්තොට පදිංචි පුද්ගලයෙකු වෙන අතර ඔහු පස්යාලේ සේවය කර තිබේ.
පස්යාල ප්ර දේශයේ සිදුවූ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් මෙම තරුණයා සැකක ඔහුට සිදුකළ පහරදීමකින් පසුව ඔහු මරණයට පත්ව තිබේ. මළ සිරුර ඇත්නාවල ප්රදේශයට දමාගොස් තිබේ.
කෙසේ වෙතත් ඝාතකයන් පොලීසියෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්ර දේශය අත් හැර ගොස් ඇති බව පොලීසිය පවසයි.