නොමිලේ වයිෆයි ලබාදෙන බවට පැවසූ ආණ්ඩුව ජනතාවට වැට් මාරයා ලබාදුන් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
දුරකථන ගාස්තු ඉහළ යාම ජනතාවට ප්‍රශ්නයක් නොමැති බවට ඇමතිවරු සඳහන් කරන නමුත් දුරකථන ගාස්තු ඉහළ යාම ජනතාවට දරාගත නොහැකි කාරණයක් බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
|
දුරකථන ගාස්තු ඉහළ යාම ප්‍රශ්නයක්ද නැද්ද යන්න සොයා බැලීමට මැති ඇමතිවරුන් භාවිත කරන දුරකථනවල ගාස්තු තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙසටයි අභියෝග පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අභියෝග කළේ.
|
මැති ඇමතිවරුන් භාවිත කරන දුරකථන වෙනුවෙන් ජනතාව මුදල් ගෙවන නිසා ඔවුන්ට තම දුරකථන ගාස්තු ඉහළ යාම ප්‍රශ්නයක් නොවන බවද හෙතෙම පවසා සිටියේය.
වැට් මාරයාට එරෙහිව දේශපාලනඥයන් පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන නිසා තම සංගමය ජනතාව සමග එක්ව වැට් මාරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්, එම කටයුත්ත 85 වන දින විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වා පටන් ගන්නා බවද රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.