වයඹ පළාත් රෝහල්වල සේවය නියුතු හෙද නිලධාරීන්ට බලපෑම් ඇති වන ආකාරයට ලබාදීමට යන හෙද ස්ථාන මාරුවීම්වලට එරෙහිව හෙට (04දා) උදේ 7.00 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් වයඹ පළාත් රෝහල් තුළ දියත් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද (03දා) දිනයේදී පළාත් සෞඛ්‍ය ලේකම්වරයා සමග මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ බවත්, එහෙත් අදාළ ගැටලුවට සාධනීය විසඳුමක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.