වයඹ පළාත් සභාවේ බලය ලබාගැනීම සඳහා සන්ධානයේ මන්ත්‍රීවරුන් මුදලට ලබාගැනීමේ මෙහෙයුමක් එක්සත් ජාතික පක්ෂය දියත්කර ඇති බව වයඹ පළාත් සභාවේ සමාජ සුභසාධන අමාත්‍ය එස්. කුමාර රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂයට එකතුවීමට කැමති මන්ත්‍රීවරයෙකුට මේවනවිට රුපියල් කෝටි 02 ක ලන්සුවක් ලැබී තිබෙන බවද ඒ මහතා පැවසීය.නමුත් ඔවුන්ගේ එම උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත්, වයඹ පළාත් සභාවේ බලය කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂයට ලබානොදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.