වයඹ පළාත තුළ සියලුම ආකාරයේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නවත්වන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතා නියෝග කළේය.
කුරුණෑගල දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්විමට එක්වෙමින් ජනපතිවරයා මෙම නියෝගය නිකුත් කළේ පොල් ඉඩම් කැබලි කිරීම හරහා පොල් වගාවට සිදුවන හානිය අවම කර ගැනිමේ අපේක්ෂාවෙනි.
එම නියෝගය අද (07දා) සිට බලපැවැත්වෙන බවත් ඒ පිළිබඳව සියලුු ආයතනය දැනුවත් කරන ලෙසත් ජනපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.