වයඹ පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු උපසභාපති ටිකිරි අධිකාරී මහතා අද (06දා) පැවති වයඹ පළාත් සභා රැස්වීමේදී පත්කර ගැනිණි. ටිකිරි අධිකාරී මහතා වයඹ පළාත් සභාවට පත්වු හත්වැනි සභාපතිවරයා විය. ඔහුගේ නම වයඹ පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් යෝජනා කරනු ලැබූ අතර, එම යෝජනාව සී.ඩි. හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරනු ලැබීය.
ටිකිරි අධිකාරි මහතා සභාපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් සභාවේ උප සභාපති ධුරයට සෝමසිරි ගුණතිලක මහතා පත්කර ගැනුණි. ඔහුගේ නම වයඹ පළාත් කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය සුමල් තිසේරා මහතා විසින් යෝජනා කළ අතර, ඉන්ද්‍රානි දසනායක මහත්මිය එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.