වයඹ පළාත් සභාවේ ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27දා) ආණමඩුව පොලීසියට භාර විය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ආණමඩුව නගරයේ එ.ජා.ප. ආධාරකරුවෙකුට මරණීය තර්ජනය එල්ල කිරීම සහ ආණමඩුව ගරායක්කම ප්‍රදේශයේ එ.ජා.ප. කාර්යාලයකට හානිකිරීමේ චෝදනා අදාළ මන්ත්‍රීවරයා වෙත එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් වූ පැමිණිලි හේතුවෙන් මන්ත්‍රීවරයා භාර විය.
මේ වනවිට ඔහුගේ ප්‍රකාශ සටහන් කිරීම පොලීසිය තුළ සිදුවන බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.