වයඹ පළාත තුළ ඉරිදා දිනය දහම් පාසල් දිනයක් ලෙස නම් කිරීමට වයඹ පළාත් සභාව තීරණ කර තිබේ.
ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දරුවන් දහම් පාසල් යාම සිදු කළ යුතු බවටත්, පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා දින පෙරවරුවේ සිට ප.ව.1.30 දක්වා නොපැවැත්විය යුතු බවටත් වයඹ කැබිනට් මණ්ඩලය අද (18 දා) රැස්වූ අවස්ථාවේදී තීරණය කර තිබේ.