කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩාවිදින ප්‍රදේශ වෙත මහවැලි ජලය රැගෙන යාමට ඉදිකෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු 2020 වසර අවසන්වන විට අවසන් කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘති අධ්යක්ෂ අශෝක පීරිස් මහත පවසයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මහ වැව් 8ක් ඇතුළුව කුඩා වැව් 300ක් සංවර්ධනය කෙරෙන අතර ගොවි බිම් 12500කට පමණ යල මහ දෙකෙන්නයේම හිඟයකින් තොරව වාරි ජලය පහසුවෙන් සැපයීමට හැකියාව පවතී.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ රුපියල් මිලියන 110ක් වැය කමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.
මීට අමතරව මහවැලි ජල සුරකෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් වන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ කටයුතුද මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතී.
ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ආයෝජනයක් යටත් සිදුකරන මෙම ව්‍යාපෘතියෙන් කුඹුරු ඉඩම් අක්කර 30000ක් ජල පහසුකම් සැපයෙන අතර පවුල් 25000කට පානීය ජල පහසුකම් ලබාදීම සඳහා ජල ඝන මීටර් මිලියන 25ක් ලබාදීමටද සැලසුම් කර තිබේ.
මේ හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නාච්චදූව, තිසාවැව, මහකනදරාවා වැව හා නුවර වැවට ජලයද සැපයේ.