වර්තමාන ආණ්ඩුව පාලනය සිදුකරන්නේ විදේශ බලවේගවලට අවශ්‍ය ලෙස බවත්, ලෝකයේ කිසිදු රටක භාෂා දෙකකින් ජාතික ගීය ගායනා නොකරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති ජනහමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"නිදහස් දිනයේදී රටේ ජාතික ගීය දෙපාරක් කියන්න යනවා. එච්චරයි අපේ රටට අඩුවෙලා තිබ්බේ. තිසාහාමිට කියන්න ඕන වැදි භාෂාවෙනුත් ජාතික ගීය මන්ද කරන්න කියලා රජයෙන් ඉල්ලන්න කියලා. රටක් ජාතියක් පිළිබඳව කිසිම හැඟීමක් නැති පාලකයො බලය ගත්තම බලන්න වෙන්නේ මේ වගේ ජවනිකා තමයි.
රාජපක්ෂ මහත්තයගෙත් එක ගතියක් තියෙනවා ගහන්න ගහන්න තමයි නැගිටින්නේ. සිරිසේන මහත්තය මේ කරන්නේ ඉක්මනින් නැගිට්ටවන්න කටයුතු කරන එක. නව දේශපාලන පක්ෂය නිර්මාණය කරන්න හිටපු ජනාධිපතිතුමන්ව වේගවත්ව තල්ලු කිරීම තමයි මේ ගහන පාරවල්වලින් වෙන්නේ" යැයි පැවසීය.
සූරියවැව නුවන් ජයෙස්කර