පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඉදිකෙරමින් පැවැති වේදිකාවට ගිනි තබා අලාභහානී සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එසේම යම් හෙයකින් වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුතු පැහැරහැර තිබේ නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රේහණ මහතා අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.