සීඝ්රයෙන් වඳවී යන සතුන් 05 දෙනෙකු සංරක්ෂණය සඳහා නම් කිරීමට පියවර ගන්නා බවත් ගොඩබිම මෙන්ම සාගරයේ සිටින තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් ආරක්ෂා කර ගැනීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව තිරසාර සංවර්ධන හා වනජිවි වැඩබලන ඇමතිනි සුමේධා ජී ජනසේන මහත්මිය ප්‍රකාශ කළාය.
ලෝක වනජීවි දිනය වෙනුවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය පැවසුයේ උණහපුළුවා, කළුවඳුරා, කැබැල්ලෑවා, අශෝකපෙතියා සහ ගේ කුරුල්ලා සංරක්ෂණය කළයුතු සතුන් බවට හඳුන්වාදීමට නියමිත බවය.